2015-01-07

විද්‍යා පීඨ සිසුන්ගේ මාසික දීමනාව රුපියල් 4000ක් කරයි

මේ මස සිට සියලු විද්‍යා පීඨ සිසුන්ගේ මාසික දීමනාව රු 4000 දක්වා වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

සමස්ත ලාංකීය අධ්‍යපනයේ දැවැන්ත හැරවුමක් සිදුවන මේ අවධියේ දී විද්‍යාපීඨ ඉතිහාසයේ ද විප්ලවීය වෙනසක් සිදුකරමින් මේ දීමනාව ජනවාරියේ සිට ලබා දීමට ක්‍රියා කරන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

මේ විද්‍යාපීඨ වලට පැමිණෙන්නේ දක්ෂතම සිසුන් බවත්දේශපාලන පක්ෂ ආගම් වර්ණ භේදවලින් තොරව උසස් පෙළ ඉසෙඩ් ලකුණු මත විද්‍යා පීඨවලට තේරෙන දරුවන්ට මනා ශික්ෂණයෙන් හා මානව දයාවෙන් යුතුව ඉතාමත් හොද සීමාවාසීක පුහුණුවක් සහිතව විද්‍යාපීඨ වලින් පිටවන විද්‍යාර්ථයන්ට පාසල් පද්ධතිය තුළ ඉහළ පිළිගැනීමක් තිබෙන බවත් ඇමැතිවරයා කීවේය.

උපාධිධාරියෙකුට වඩා ගුරුවයෙක් ලෙස න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක් ලබන විද්‍යාපීඨ විද්‍යාර්ථයන්ට ඩිප්ලෝමාවකට පමණක් සීමාවීම අසාධාරණයක් බව පෙන්වා දුන් ඇමැතිවරයා ඔවුන්ගේ පුහුණු කාලය තවත් වසරකින් දීර්ඝ කර පුහුණු උපාධිධරයෙක් ලෙස විද්‍යාපීඨවලින් පිටවීමට අවස්ථාව සලසා දීමට වර්තමාන රජය පියවර ගෙන තිබෙන බවත් වසර ගණනාවක් සිටම විද්‍යාපීඨ සිසුන්ට ලබා දුන් රුපියල් 2500ක මාසික දීමනාව ලබන වසරේ සිට රුපියල් 4000 ක් දක්වා වැඩි කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන් බවත් කීවේය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.