2015-07-03

මෛත‍්‍රීගෙන් නාම යෝජනා නොලැබෙන මැති ඇමතිවරු මෙන්න

ඉදිරි මහ මැතිවරණයේද වංචා දූෂණ චෝදනා එල්ලවූ පිරිසකට නාම යෝජනා ලබා නොදීමට ජනපති ගත් තීරණයට අනුව මන්ත‍්‍රීවරු 8 දෙනකුට නාම යෝජනා අහිමීවන බවට තොරතුරු වාර්තා වනවා. 

විශ්වාසනීය ආරංචි මාර්ග පවසන්නේ මේ අතරට දුමින්ද සිල්වා, සජින් වාස් ගුණවර්ධන , මර්වින් සිල්වා,ලක්ෂ්මන් වසන්ත පෙරේරා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සරණ ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ යන හිටපු මැති ඇමතිවරුන් ඇතුලත් බවයි. මේ අතරින් කිහිප දෙනකුට මූල්‍ය වංචා චෝදනා එල්ලවී ඇති අතර තවත් පිරිසකට මැරකම් හා මත්පැන් හා මත්කුඩු සම්බන්ධ චෝදනා එල්ලවී තිබෙනවා.

ඔවුන්ට නාම යෝජනා ලබා දීමට මීට පෙර තීරණය කර තිබුණු අතර ඇතැමුන්ට ආසන සංවිධායක ධූරයන්ද ලබාදීමටයි පියවර ගෙන තිබුණේ. කෙසේ වෙතත් මේ වන විට නිදහස් පක්ෂයේ මෛත‍්‍රී පිලෙන් නැගෙන දැඩි විරෝධය හේතුවෙන් ඔවුන්ට නාම යෝජනා ලබා නොදීමේ තීරණයක් මේ වන විටත් ගෙන අවසන් බවයි වාර්තාවන්නේ.

1 comment:

  1. කුඩු දුමියා උගේ අයියගේ චැනල් එකෙන් උපාසක පාට් එක දානවා හෝ ගාලා මේ දවස්වල.

    ReplyDelete

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.