2011-12-18

උඩරට මැණිකේ දුම්රියේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනය පිළිබඳ පරීක්‍ෂණ

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රියේදී ඊයේ රාතී‍්‍රයේ සිදු වූ මනුෂ්‍ය ඝාතනය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් පවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි සැලසුම් අධ්‍යක්ෂ විජය සමරසිංහ මහතා පැවසුවේ කිසියම් පිරිසකගේ පහරදීමක් හේතුවෙන් නිදන මැදිරි සහයකවරයෙකු මෙලෙස ඝාතනය කර ඇති බවයි.
ඔහුගේ මළසිරුර හැටන් දික්ඔය රෝහලේ  තැන්පත්කර තිබෙනවා. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු රඹුක්කන ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුනා. සැකකරු හැටන් පොලීසියට භාරදෙන බවයි රඹුක්කන පොලීසිය සඳහන් කළේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.