ලිබියාවේ බැංකු වෙත පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමට ජගත් සංවිධානය පියවර ගෙන තිබෙනවා. ගඩාෆි රජය කෙසේ හෝ තමන්ට අවනත කර ගැනිමේ අරමුණින් ජගත් සංවිධානය මෙම වසරේ මුල්භාගයේදී මෙම සම්බාධක පනවනු ලැබුවා. ඒ අනුව ලිබියාවේ මහා බැංකුවේ කටයුතු මෙන්ම ටි‍්‍රපෝලි අගනුවර කේන්ද්‍ර කර ගනිමින් කි‍්‍රයාත්මක වූ විදේශ බැංකු රැසකටද ඊට යටත්වීමට සිදු වුණා.
විදේශයන් හි බැංකුවල තැන්පත් කර තිබූ ලිබියානු සම්පත් භාවිතයට ගැනීමද අත්හිටුවනු ලැබ තිබුණා. කෙසේ වෙතත් දෛනික සේවා පවත්වාගෙන යාම සඳහා මෙම සම්බාධක ඉවත් කළ යුතු බව ලිබියාවේ අන්තර්පාලනය පසුගියදා ජගත් සංවිධානයෙන් ඉල්ලා සිටියා. ඔවුන් පෙන්වා දුන්නේ සේවක වැටුප් ගෙවීමට පවා මුදල් සොයා ගැනීම ගැටලූවක් බවයි. ඒ අනුව අදාළ සම්බාධක ඉවත් කළ බව ජගත් සංවිධානය පවසනවා. සම්බාධක ඉවත් කිරීමෙන් පසු ලිබියානු බැංකු සමග මූල්‍ය ගණුදෙනුවලට මග සැලසූ පළමු රට අමෙරිකාව බවයි ජාත්‍යන්තර ප‍්‍රවෘත්ති සේවා සඳහන් කළේ.2011-12-17
ලිබියාවෙ බැංකු වෙත තිබූ සම්බාධක ඉවතට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.