2011-12-21

කරුට ඉදිරි පෙළ අහිමිවන ලකුණු

කරු ජයසූරිය මහතා වෙනුවෙන් තවදුරටත් පාර්ලිමේන්තුවේ ඉදිරි පෙළ අසුනක් වෙන් නොකරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ කරු ජයසූරිය මහතා දැන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා නොවීමයි. කරු ජයසූරිය මහතාට වඩා ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුවේ පසුපෙළ ආසනවල සිටි බවද ඔවුන් පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර ඇත්තේ මෙම වසර අවසන් වන තෙක් කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා වන බවයි. ඔහුට එම ධුරය අහිමි වන්නේ ලබන වසරේ සිට බවද රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර තිබෙනවා.
මේ අතර කරු ජයසූරිය මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වෙන්කර තිබූ කාර්යාලය ඊයේ වසා දැමුණා. ඒ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට කළ දැනුම්දීමකට අනුවයි. කරු ජයසූරිය මහතා ඊයේ හෝ අද පාර්ලිමේන්තුවට නොපැමිණි බව අප පාර්ලිමේන්තු වාර්තාකරු පවසනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.