2011-12-21

තිස්සමහාරාම චෛත්‍යයේ කොත්කැරැල්ලෙහි ඉරිතැලීමක්

තිස්සමහාරාම චෛත්‍යයේ කොත් කැරැල්ලෙහි ඉහළ කොටසේ ඉරිතැලීමක් සිදුව තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත්, මධ්‍යම සංස්කෘතික අරමුදලටත් ඒ බව දැනුම් දුන් බවයි තිස්සමහාරාම රජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමියන් පවසන්නේ. හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන සංරක්ෂණය කිරීමේ ප‍්‍රගතිය සම්බන්ධයෙන් පැවැත් වූ සාකචඡාවකදී උන්වහන්සේ එ් බව පැවසුවා. ඉරි තැලීමට ලක්ව අති කොත් කැරැුල්ල 1890දී සවි කළ එකක් බවයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.