හිටපු කොටි සාමාජිකයන් පන්සියයකට අධික සංඛ්‍යාවකට මේ මාසයේ ඇමෙරිකාවේදී පාපන්දු පුහුණුවක් ආරම්භ කෙරෙන බව එල්.ටී.ටී.ඊ. හිතවාදී ටැමිල්වින්.නෙට් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදී මෙම පුහුණුව ලබාදීමට සූදානමින් සිටිනුයේ එම ප්‍රාන්තයේ පාපන්දු පුහුණුකරුවකු වන මෙට් පිල්මන් නමැත්තා විසින් බව එම වාර්තාවේ දැක්වෙනවා.
හිටපු කොටි සාමාජිකයන් මෙතරම් සංඛ්‍යාවක් ඇමෙරිකාවේ සිටින බව කොටි වෙබ් අඩවියක් හෙළිකළ ප්‍රථම අවස්ථාව මෙය වෙයි. මෙයට අමතරව රටින් බැහැර ඊළාම් රාජ්‍ය පාපන්දු කණ්ඩායම පාපන්දු තරගාවලි සඳහා යොමු කර ඊළම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද කොටි ඩයස්පෝරාව අවධානය යොමු කර ඇත. ඇමෙරිකාව එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස ලෙස නම් කර තිබියදී කොටි සාමාජිකයන්ගේ ප්‍රවර්ධන වැඩසටහන් ඇමෙරිකාව තුළ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් තිබේ. කෙසේ වෙතත් මෙම පුහුණුව අගෝස්තු මාසය දක්වා පැවැත්වීමට සංවිධායකයන් තීරණය කර ඇති අතර සහභාගි වන හිටපු කොටි සාමාජිකයන්ට පුහුණුවීම් උපකරණ නොමිලේ සැපයීමටද නියමිතව ඇති බව වාර්තා වනවා.
- ලක්බිම -
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.