2013-10-10

දරුවන් පරාජිතයන් ලෙස සලකපු කාලය ඉවරයි - සමතුන් ලෙස ඉහළින් සලකනවා - ජනාධිපති

පරාජිතයන් ලෙස ජීවත් වූ යුගය නිමාකර ඇති අවස්ථාවක රටේ සියලූ දරුවන් සමතුන් වශයෙන් තමා ඉතා ඉහළින් සලකන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ විභාග සමත් වූවත් නැතත්, තමන්ගේ දරුවන් පරාජිතයන් සේ නොසලකා සමතුන් සේ සැලකීමට දෙමව්පියන් පුරුදු විය යුතු බවයි. පානදුර සුමංගල බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්ස්වයට ඊයේ පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ලබාගත් සිසුන් පවා අසමතුන් ලෙස සලකමින් ඇතැම් දෙමව්පියන් දරුවන් පීඩනයට ලක්කර තිබෙනවා. ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් සමත්වන සහ අසමත් වන ආකාරය හඳුන්වන ක‍්‍රමය කඩිනමින් වෙනස් විය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. ඒ සඳහා විධිමත් ක‍්‍රමවේදයක් සකස් කිරීම වැදගත් බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 70කට වඩා ලබාගන්නා සියලූ සිසුන් සමතුන් ලෙස සලකමින් ඔවුන්ට සහතිකයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා අධයාපන අමාත්‍යංශයට උපදෙස් ලබා දී තිබෙනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.