මිනිස් වෙළෙඳාම වළක්වාලීම සඳහා ශී‍්‍ර ලංකාව ගෙන ඇති උත්සහයන් අමෙරිකාවේ ප‍්‍රසංසාවට ලක් වනවා. එම උත්සහයන් සැලකිල්ලට ගනිමින් අමෙරිකාව විසින් කෙරුණු රටවල් ශ්‍රේණිගත කිරීමකදී ශී‍්‍ර ලංකාව ඇතුළත්ව සිටින්නේ දෙවන කාණ්ඩයටයි.
මීට පෙර ශී‍්‍ර ලංකාව එහි අවම මට්ටම වූ තුන්වැනි කාණ්ඩයට ඇතුළත්ව සිටියා. පියවරක් ඉදිරියට පැමිණීමට ශ‍්‍රී ලංකාව සමත්ව සිටින්නේ මිනිස් වෙළෙඳාම වළක්වාලීම සඳහා වූ නීති සම්පාදනය ඒවා කි‍්‍රයාත්මක කිරීම වරදකරුවන්ට දඬුවම් කිරීම සහ අගතියට පත් පිරිස්වලට සහන සැලසීම වැනි යහපත් ප‍්‍රවණතා නිසයි. එම ප‍්‍රවණතා තවදුරටත් ශක්තිමත් කිරීමට ශී‍්‍ර ලංකාව කටයුතු කරනු ඇතැයි ශී‍්‍ර ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසනවා. එහි දේශපාලන නිලධාරී ජේකොබ් ච්රිකුයි මිනිස් වෙළෙඳාමේ අහිතකර ප‍්‍රතිඵල සම්බන්ධයෙන් මහජනතාව තවදුරටත් දැනුවත් කිරීමත් , පනවා ඇති නීති කි‍්‍රයාත්මක කිරීමට අතිරේක මුදල් වෙන් කිරීමටත් ශී‍්‍ර ලංකාව ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි.2011-12-23
මිනිස් වෙළෙඳාම මැඞීම ගැන අමෙරිකාවෙන් ලක් රජයට පැසසුම්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.