2011-12-22

මැනිං වෙළෙඳ පොළ පෑලියගොඩට

පිටකොටුව මැනිං වෙළෙඳපොළ සහ තොග වෙළෙඳපොළ පෑලියගොඩ ප‍්‍රදේශයේ ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් මේ බව අනාවරණ කර සිටියා.
කලාපීය වශයෙන් කොළඹ නගරය දියුණු අගනගරයක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාවයි. ඒ සඳහා  පසුබිම සකස් කිරීමට මෙම තීරණ ගැනෙන බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා. ඔහු කියා සිටියේ දැනට මැනිං වෙළෙඳපොළ පිහිටා ඇති ප‍්‍රදේශය දක්වා පිටකොටුව බස් නැවතුම්පොළ පුළුල් කෙරෙන බවයි. එසේම තොග වෙළෙඳපොළ සහ ඒ අවට පදික වෙළෙඳම වෙනුවෙන් විශේෂ වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීමටද යෝජනා වී තිබෙනවා. පිටකොටුව පැරණි මත්ස්‍ය වෙළෙඳපොළ සහ මධ්‍යම සුපිරි වෙළෙඳ සංකීර්ණයද පූර්ණ අලූත්වැඩියාවකට ලක් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ ලබන වසර අගභාගය වන විට මෙම කටයුතු අවසන් කෙරෙනු ඇති බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.