2011-12-22

පොලිස් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

අලූත්ගම මොරගල්ල සංචාරක පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අත්අඩංගුවට ගත් කාන්තාවක් අපහරණය කිරීමට ඔහු උත්සහ කළේ යැයි අලූත්ගම පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මතයි.
මොරගල්ල ප‍්‍රදෙශයේ කිසියම් ස්ථානයක කලහකාරී ලෙස හැසිරුණු  කාන්තාවක් සහ පුද්ගලයින් දෙදෙනෙකු ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත්තා. අනතුරුව පැමිණිල්ල විභාග කරන අවස්ථාවේදී මුරපොළේ ස්ථානාධිපතිවරයා තමාට අතවර කිරීමට උත්සහ කළ බවයි අදාළ කාන්තාව අලූත්ගම පොලීසියට පැමිණිලි කර තිබුණේ. සිද්ධිය පිළිබඳ අලූත්ගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.