උතුරු සහ නැගෙනහිර යන පළාත්වල පරිපාලන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඒකාබද්ධ කොමිසමක් පත්කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. මධ්‍යම රජය සහ පළාත් සභා අතර පවතින සබඳතාව ශක්තිමත් කිරීම එහි මූලික අරමුණයි. යෝජිත කොමිසම හරහා උතුරු නැගෙනහිර දෙපළාතේ ඉඩම් පරිහරණය කිරීම පිළිබඳ වැඩි අවදානයක් යොමු කෙරෙනු ඇති. මධ්‍යම රජයට සහ පළාත් සභා යන අංශ දෙකටම එම ඉඩම් භාවිත කිරීමට ඇති හැකියාව පිළිබ`ද කොමිසම විසින් මූලිකව අධ්‍යනය කරනු ඇති. උතුරු සහ නැගෙනහිර යන දෙපළාත ඒකාබද්ධ කරන ලෙස දෙමළ ජාතික සන්ධානය රජයෙන් ඉල්ලා සිටියා. නමුත්, රජය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
2011-12-11
උතුරු නැගෙනහිරට ඒකාබද්ධ කොමිසමක්
Tags