2011-12-11

මන්තී‍්‍රන් හමුවේ ඇමැතිවරුන් පරාද වෙයි

කතානායක අභියෝග කුසලාන සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් තර`ගාවලියේ ජයග‍්‍රහණය අත්කරගැනීමට මන්ත‍්‍රි කණ්ඩායම අද සමත් වුණා. කාසියේ වාසිය දිනාගත් අමාත්‍ය කණ්ඩායම ප‍්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව මන්ත‍්‍රි කණ්ඩායමට ලබාදුන්නා. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර  20 අවසානයේ කඩුලූ 08 ක් දැවී ලකුණු 176 ක් ලබාගැනීමට සමත් වුණා. රවී කරුණානායක මන්ත‍්‍රිවරයා කිසිදු ලකුණක් නොලබා දැවී ගියා. සනත් ජයසූරිය මන්ත‍්‍රිවරයා ලකුණු 42 ක් ලබා ගත් අතර නොදැවී ක‍්‍රීඩා කළ මන්ත‍්‍රි අකිල විරාජ් කාරියවසම් ලකුණු 28 ක් ලබා සිටියා. දයාසිරි ජයසේකර මන්ත‍්‍රිවරයා ලකුණු 14 ක් ලබාගත් අතර නාමල් රාජපක්ෂ මන්ත‍්‍රිවරයා ලකුණු 08 කට දැවී ගියා. පිලිතුරු ඉනිම ක‍්‍රිඩා කළ අමාත්‍ය කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගැනීමට හැකිවූයේ කඩුලූ 07 ක් දැවී ලකුණු 101 ක් පමණයි. තර`ගයේ දක්ෂතම පන්දු යවන්නා හිමි කුසලානය දිනාගත්තේ හර්ෂ ද සිල්වා මන්ත‍්‍රිවරයායි. දක්ෂතම පිතිකරුගේ කුසලානය හිමිවූයේ අකිල විරාජ් කාරියවසම් මන්ත‍්‍රිවරයාටයි. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා තර`ගයේ වීරයා කුසලානය දිනාගත්තා. කතානායක අභියේග කුසලාන ක‍්‍රිකට් තර`ගය නැරඹීම ස`දහා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් ද සහභාගී වි සිටියා.