උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමේ අවසන් වාර්තාව ලබන 21 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ අදාල වාර්තාව සිංහල සහ දෙමළ භාෂාවලට පරිවර්තනය කිරීම මේ දිනවල සිදුකෙරෙන බවයි. වසරේ පාර්ලිමේන්තු කටයුතු අවසන් වීමට පෙර උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමේ වාර්තාව සභා ගතකරන බව රජය මීට පෙර ප්‍රකාශ කළා. මෙම වසරේ 21 වනදායින් වසරේ පාර්ලිමේන්තු කටයුතු අවසන් කෙරෙනවා. එබැවින් එදිනට පෙර වාර්තාවේ පරිවර්තන කටයුතු අවසන් වුවහොත් නියමිත පරිදි එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.
2011-12-11
උගත් පාඩම් කොමිසමේ වාර්තාව 21 වනදා පාර්ලිමේන්තුවට
Tags