ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායකත්වය මහේල ජයවර්ධනට ලබාදීමට තේරීම් කමිටුවට යෝජනා ඉදිරිපත් වි තිබෙනවා. තේරීම් කමිටු ප‍්‍රකාශකයෙකු අප වෙත කියා සිටියේ කණ්ඩායමට නව නායකයෙකු පත් කර ගැනීමට මේ වන විට සාකච්ඡා කරමින් පවතින බවයි.
මහේල ජයවර්ධනට අමතරව ඇන්ජලෝ මැතිව්ස්ගේ නමද නායකත්වයට යෝජනා වී තිබෙනවා. වත්මන් නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්ව වගකීම් දකුණු අපි‍්‍රකානු සංචාරයෙන් පසු අවසන් වනවා. ඩිල්ෂාන් නායකත්වය දීර්ඝ කිරීම කෙරෙහි අකමැත්ත පළ කර ඇතැයිද එම තේරීම් කමිටු ප‍්‍රකාශකයා කියා සිටියා. මහේල ජයවර්ධනට නායකත්වය ලබාදුනහොත් එය පළමුව මාස 6කට සීමා කිරීමටයි යෝජනා වී ඇත්තේ. තේරීම් කමිටුවට ලැබී ඇති අදාළ යෝජනාව පිළිබඳ ඉදිරියේදී කී‍්‍රඩා අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන බව මෙම ප‍්‍රකාශකයා කියා සිටියා.2011-12-29
Tags
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.