උත්සව සමයේ අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබු පරිභෝජනයට නුසුදුසු ආහාර තොගයක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. බ්ලූමැන්ඩල් පාරේ ව්‍යාපාරික ස්ථානයක් අද වැටලූ අධිකාරි විමර්ශන නිලධාරින් එහි තිබී අල මෙටි්රක්ටොන් 26 ක්,
හාල්මැස්සන් ගෝනි 70 ක්, පරිප්පු මෙටි්රක්ටොන් 50 ක් අත්අඩංගුවට ගත්තා. පරිභෝජනයට ගත නොහැකි මෙම ආහාර ද්‍රව්‍ය ශුද්ධ කර යළි වෙළෙඳ පොලට අලෙවි කිරීමට සැලසුම් කර තිබු බවයි පරික්ෂණවලදී අනාවරණ වුණේ.
මේ අතර නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැුගෙන ආ සිගරට් තොගයක් ද කටුනායක ගුවන් තොටුපළේ දී අද අත්අඩංගුවට ගත්තා. ඩුබායි සිට එම සිගරට් තොගය රැුගෙන විත් ඇත්තේ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙක්. ඔවුන්ගේ ගමන් මළු තුළ සිගරට් සඟවා තිබු බව රේගුව පවසනවා. සිගරට් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 12 ක්.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.