අනුරාධපුර වාරිමාර්ග කාර්යාලයට අයත් ඉඩමකට රැගෙන යමින් තිබූ පස් පැට වු ලොරියක තිබී යුද උපකරණ තොගයක් සොයාගෙන තිබෙනවා. ආර්.පී.ජී. උණ්ඩ 7ක් සහ එම්.පී.එම්.ජී. ගුවන් යානා නාශක පතොරම් 157ක් එහිදී සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ. මෙම යුද උපකරණ තොගය දුටු වාරිමාර්ග කාර්යාලයේ නිලධාරීන් ඒ බව පොලීසියට දැනුම් දී තිබෙනවා. පසුව අනුරාධපුර යුද හමුදා කඳවුරේ බෝම්බ නිෂ්කි‍්‍රය අංශයේ නිලධාරීන් කැඳවා ඒවා නිෂ්කී‍්‍රය කළ බවයි පොලීසිය පැවසුවේ.
මේ අතර බගවන්තලාව වැයකන්ද ප්‍රදේශයේ සඟවා තිබූ මෝටාර් උණ්ඩ දෙකක්ද යුද හමුදා බුද්ධි අංශය මගින් සොයාගෙන තිබෙනවා. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පසු ප්‍රයෝජනය සඳහා ඒවා සඟවා තබන්නට ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.