පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් අසත්‍ය පැමිණිලි කිරීමෙන් වළකින්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එවැනි පැමිණිලි දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් වන බවයි පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පෙන්වා දෙන්නේ.
අසත්‍ය පැමිණිලි නිසා සිදුවන සමාජයීය වශයෙන්ද අගතියක් සිදුවන බව ප්‍රකාශ කෙරුණා.
අසත්‍ය පැමිණිලි නිසා ඇතැම් නිර්දෝෂී පුද්ගලයන් වරදකරුවන් ලෙස හංවඩු ගැසීමට ඉඩ ඇති බවයි පැහැදිලි කෙරුණේ. එසේ වුවහොත් එම පුද්ගලයන්ගේ සමාජයීය පැවැත්ම අවධානමට ලක් වන බවද පැහැදිලි කෙරුණා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.