2011-12-24

බස්නාහිර බස් වර්ජනයක - ලංගම සීරුවෙන්

බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට ධාවනයෙන් ඉවත් වී වර්ජනයක නිරත වනවා. බස් රථ සඳහා ධාවන බලපත‍්‍ර ලබාදීමේදී සිදුව ඇතැයි කියන අක‍්‍රමිකතාවන්ට විරෝධය පළ කිරීම එහි අපේක්ෂාවයි.


නෙත් ප‍්‍රවෘත්ති මේ පිළිබඳ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියෙන්ද විමසීමක් කළා. එහි සභාපති පියසේන දිසානායක මහතා පැවසුවේ බස් හිමියන්ගේ වර්ජනය අසාධාරණ නොවන බවයි. සාකච්ඡා මගින් ඊට ඉක්මන් විසඳුමක් ලබාදීමට උත්සාහ කරන බවද ප‍්‍රකාශ කෙරුණා.
කෙසේ වෙතත් බස් වර්ජනය නිසා මගීන්ට පීඩා විඳීමට ඉඩ නොතබන බව ප‍්‍රවාහන අමාත්‍යංශය පවසනවා. ශී‍්‍ර ලංගම බස් රථ වැඩි වශයෙන් යොදවා මගීන්ට සේවා සපයන බවයි ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසන්නේ.
වර්ජනය රට පුරා ව්‍යාප්ත ව්‍යාප්ත කෙරුණද ඊට මුහුණදීමට සූදානම් බව ද අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසනවා.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.