2011-12-23

මාර්ග කිහිපයක පෞද්ගලික බස් වර්ජනයක්

මාර්ග අංක 138 හෝමාගම පිටකොටුව පෞද්ගලික බස් රථ සේවකයන් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප‍්‍රකාශ කළේ නීති විරෝධී ලෙස නව බලපත‍්‍ර නිකුත් කිරීමට එරෙහිව එම වර්ජනය කි‍්‍රයාත්මක කරන බවයි.
ඊට සහාය පළ කිරීම සඳහා මාර්ග අංක 697, 698 හෝමාගම කඩුවෙල , මාර්ග අංක 293 හෝමාගම හංවැල්ල යන පෞද්ගලික බස් රථද වර්ජනයට එක්ව සිටිනවා. මේ දක්වා නීති විරෝධී ලෙස නව ධාවන බලපත‍්‍ර 300ක් පමණ නිකුත් කර ඇති බවද ගැමුණු විජේරත්න මහතා ප‍්‍රකාශ කළා. බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ආරම්භ කිරීමට යෝජිත වර්ජනයට මෙම කාරණාවද එක් කර ගන්නා බවයි ඔහු ප‍්‍රකාශ කළේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.