2011-12-23

මන්තී‍්‍ර විජයකලා දකුණු කළුතර පොලීසියට

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ති‍්‍රනී විජයකලා මහේෂ්වරන් මහත්මියට අයත් ලියාපදිංචි නොකළ මෝටර් රථ දෙකක් දකුණු කළුතර පොලීසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාහන පැද වූ පුද්ගලයන්ටද රියැදුරු බලපත‍්‍ර නොතිබුණු බවයි පොලීසිය පැවසුවේ.
වාහන අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඒවා නිදහස් කර ගැනීමට විජයකලා මහේෂ්වරන් මන්තී‍්‍රවරිය උත්සහ දරා තිබෙනවා. එහෙත් පොලීසිය ප‍්‍රකාශ කර ඇත්තේ ලියකියවිලි ඉදිරිපත් කරන තෙක් එම වාහන මුදාහැරීමට නොහැකි බවයි. පසුව රාති‍්‍ර 9ට පමණ වාහනවලට අදාළ ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් පසු ඒවා නිදහස් කෙරුණා. රියැදුරු බලපත‍්‍ර නොමැතිව ධාවනය කිරීම හේතුවෙන් එහි රියැදුරන්ට එරෙහිව නඩු පැවරූ බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.