රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දී මුදල් ඉල්ලා සිටි බවට මේ දක්වා පැමිණිලි 30 ක් ලැබී ඇතැයි බස්නාහිර පළාත් සභාව පවසනවා. බස්නාහිර පළාතට අයත් දිස්ත්‍රික්ක වන්නේ කොළඹ, ගම්පහ සහ කළුතරයි. කොළඹට වඩා වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ගම්පහෙන් සහ කළුතරින් ලැබී තිබෙනවා.
ඒවා සම්බන්ධයෙන් විමර්ශන දැනටමත් ආරම්භ කර ඇති බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.
මේ අතර රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම අද සිදුකෙරුණා. ප්‍රධාන උත්සවය පැවැත්වුණේ මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර විද්‍යාලයේ දීයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.