2012-01-05

විදේශිකයාගේ ඝාතකයෝ හඳුනාගන්න පෙම්වතිය එයි


පසුගියදා තංගල්ල මැඩිල්ල ප‍්‍රදේශයේදී ඊශ්‍රායල් සම්භවයක් ඇති බි‍්‍රතාන්‍ය ජාතිකයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (05) පැවැත්වීමට නියමිත හඳුනාගැනීමේ පෙරට්ටුවට මියගිය අයගේ පෙම්වතිය වන රුසියානු ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩර් ද සහභාගිවීමට නියමිත බව වාර්තා වේ. ඇයට අමතරව රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනෙකුද මෙම අවස්ථාවට එක්වීමට නියමිත බව තානාපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වන්නෙ. විසිතුන් හැවිරිදි මෙම රුසියානු ජාතික තරුණියද අදාල සිද්ධියේදී ලිංගික අතවරයට  හා පහර කෑමට ලක්ව රෝහල්ගත කර සිටියා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ මහතා ඇතුළු 9 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පස්දෙනෙකු අද හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.සෙසු හතර දෙනා මෙම සිද්ධියට සෘජු සම්බන්ධයක් නොමැති බැවින් ඔවුන් හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් නොකරණ බවද අනාවරණ වනවා. එම පිරිස මේ වන විට පොලිස් ඇපමත මුදා හැර ඇති බවද වාර්තා වනවා. සිද්ධිය සම්බන්ධයෙන් තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ තංගල්ලේ පදිංචි සංචාරක මාර්ගෝපදේශකයන් තිදෙනෙකි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.