2012-01-05

ඉතාලියේ වෙසෙන විදේශිකයින්ට බද්දක්

ඉතාලියේ වෙසෙන විදේශිකයින්ගෙන් වාර්ෂිකව යූරෝ 80 සිට 200 දක්වා බදු මුදල් අය කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. ජනවාරී මස 30 වැනි දින සිට මෙම නීතීය ක්‍රියාත්මක වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
 ඒ අනුව මාස 3 ක කාලයක සිට වසරක් දක්වා සංචාරක වීසා මත රැඳී සිටින විදේශිකයින්ගෙන් යූරෝ 80 ක මුදලක් ද වසර එකේ සිට දෙක දක්වා යූරෝ 100ක මුදලක් ද ගෙවිය යුතු වනවා. වයස අවුරුදු 18 ට අඩු සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණ සිටින පුද්ගලයින් සඳහා මෙම අයකිරීම සිදු නොවන බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.