මිනුවන්ගොඩ ප්රදේශයේදී පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්රධාන සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මිනුවන්ගොඩල මාතම්මන ප්රදේශයේ පිහිටි හෝටලයක කළමනාකරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු 2010 වසරේ නොවැම්බර් මස 04 වැනි දින මෙලෙස ඝාතනයට ලක්විය.
එම අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (04) අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෙම වෙඩි තැබීම සඳහා යොදා ගත් බවට සැක කෙරෙන මිලි මිටර් 09 වර්ගයේ පිස්තෝලයක් සහ උණ්ඩ දෙකක් ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ. සැකකරු අද (05) මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.