අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අවුල හේතුවෙන් කිසියම් පාර්ශ්වයක මූලික අයිතිවාසිකම් උල්ලංගණය වී ඇත්දැයි විමර්ශනයක් කි‍්‍රයාත්මකයි. එම විමර්ශනය සිදු කරනු ලබන්නේ ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසන් සභාව විසින්. දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල නිසා අසාධාරණයට ලක් වූ බවට පැමිණිලි 16ක් ලැබී ඇතැයි එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවා.
තවත් පැමිණිලි ඇත්නම් 0112689064 යන දුරකතන අංකයට ඒවා ඉදිරිපත් කළ හැකි බවද ප්‍රකාශ කෙරුණා. නැතහොත් අංක 165, කිංසි පාර බොරැල්ල යන ලිපිනයේ පිහිටි ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ ප්‍රධාන කාර්යාලයට පැමිණ පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.
මේ අතර අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අවුලට පැලැස්තර විසඳුම් නොව පිළිගත හැකි තිරසාර විසඳුම් අවශ්‍ය බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති මහා සම්මේලනය අවධාරණය කරනවා. එහි ප්‍රධාන ලේකම් සමන් රත්නපි‍්‍රය මහතා පැවසුවේ සිදු වූ දෝෂ සොයා බැලීමට පත් කළ ජනාධිපති කමිටුව සම්බන්ධයෙන්ද සැක පවතින බවයි.
නිලධාරීන් විසින් වැරදි පිළිනොගැනීම නිසා එම කමිටුවට දෝෂ හඳුනා ගැනීම සහ ඒවා නිවැරදි විය යුතු ආකාරය නිර්දේශ කිරීමට අපහසු වනු ඇතැයි ප්‍රකාශ කෙරුණා. කමිටුවේ සාමාජිකයන් පස්දෙනාම රජයේ නිලධාරීන් වීමද ඔවුන්ගෙන් හතර දෙනෙකුම අධ්‍යාපන කේෂත්රයේ නියුතු වූවන් වීමද ස්වාධීනත්වය පිළිබඳ සැක උපදවන බවයි සමන් රතන්පි්රය මහතා වැඩිදුරටත් පැවසුවේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.