අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් අපේක්ෂකයන්ගේ පැමිණිලි භාර ගැනීම අද මධ්‍යහ්නයෙන් අවසන් වුණා. ජනාධිපති කමිටුවේ සභාපති ධාරා විජේතිලක මහත්මිය පැවසුවේ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවමත් නිශ්චිතව කිව නොහැකි බවයි.
කෙසේ වෙතත් එම පැමිණිලි වර්ගීකරණය දැනටමත් ආරම්භ කර ඇතැයි ද කළ විමසීමකදී ඇය පැවසුවා. වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ දිස්ති‍්‍රක් ශ්‍රේණිය සම්බන්ධයෙන් බවයි එහිදී පෙනී ගොස් ඇත්තේ. කමිටුවේ අවසන් වාර්තාව සකස් කිරීමද සිදු කෙරෙමින් තිබෙනවා. ලබන සතියේදී එම වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමට අදහස් කරන බවයි කමිටුවේ සභාපති ධාරා විජේතිලක මහත්මිය පැවසුවේ.2012-01-07
උසස් පෙළ ප්‍රතිඵල ගැටලූ භාර ගැනීම අවසන්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.