2012-05-10

සෞඛ්‍ය අමාත්‍යාංශය ෆාමසි පරීක්ෂාව දැඩි කිරීමට සැරසෙයි


පුද්ගලික ඖෂධ අලෙවිසැල් ඉදිරියේදී දැඩි පරීක්ෂාවට ලක් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. අමාත්‍යංශයේ ජාතික විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරිය සඳහන් කරන්නේ පුද්ගලික ඖෂධ අලෙවිසැල්වල කටයුතු විධිමත් කිරීම එහි අරමුණ බවයි. දිවයින පුරා දැනට පුද්ගලික ඖෂධ අලෙවිසැල් 3200ක් පමණ කි‍්‍රයාත්මක වනවා. එම ඖෂධ අලෙවිසැල් හිමියන් සහ ඖෂධවේදී සහකාරවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් දැනටමත් ආරම්භ කර තිබෙනවා. එම වැඩසටහන්වලට සහභාගි නොවන පුද්ගලික ඖෂධ අලෙවිසැල් විශේෂ පරික්ෂාවකට ලක් කරන බවයි ජාතික විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පවසන්නේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.