කැළණිය ආසනයේ පවතින දේශපාලන මත ගැටුම අපක්ෂපාතීව විසඳන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ විනය කමිටුවට උපදෙස් ලබා දී තිබෙනවා. අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ,
ඊට සම්බන්ධ සියලූ පාර්ශ්වයන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
පරික්ෂණ අවසන් වන තුරු මත ගැටුමට සම්බන්ධ සියලූ පාර්ශ්ව නිහඬ කළ බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.
මේ අතර අමාත්‍ය මර්වින් සිල්වා මහතා කැළණිය ආසන සංවිධායක ධුරයෙන් ඉවත් නොකළහොත් සිය ධුරවලින් ඉල්ලා අස්වීමට කැළණිය ප්‍රාදේශිය සභාවේ සහ පෑලියගොඩ නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනකු සුදානම් වනවා. කැළණිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේ මේ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාට ද දැනුම් දුන් බවයි. වත්මන් ආසන සංවිධායකවරයා සමග තව දුරටත් කටයුතු කළ නොහැකි බැවින් තමන් මෙම තීරණය ගත් බවයි එම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
කැළණිය ප්‍රාදේශිය සභාවේ සිටින ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 15 ක්. එහෙත් ජයන්ත කබ්රාල් සහ තිලක් වීරසිංහ යන මන්ත්‍රීවරුන් දෙදෙනාගේ ස්ථාවරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි අදාල මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
මේ අතර අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව කැළණිය ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් ගෙන යන ක්‍රියාමාර්ගවලට සහය දැක්විමට මාතර මුලටියන ප්‍රාදේශිය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ද තීරණය කර තිබෙනවා. ප්‍රාදේශිය සභා මන්ත්‍රී නුවන් කරන්නාගොඩ මහතා නෙත් ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ තමන් ඉදිරිපත් කළ යෝජනාවක් සභාවේදි ඒකමතිකව සම්මත වු බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.