ජනසෙවන ව්‍යාපෘතිය යටතේ නිවාස ආධාර ලැබිය යුතු පුද්ගලයන් තෝරා ගැනීමට මරණාධාර සමිතිවල නිර්දේශද සලකා බැලීමට තීරණය කර තිබෙනවා.
දැනට ඒ සඳහා පුද්ගලයන් තෝරා ගැනෙන්නේ දිස්ත්‍රික් නිවාස සංවර්ධන කමිටු මගින් බවයි ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස සහ පොදු පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා පැවසුවේ.
ජනසෙවණ ව්‍යාපෘතිය යටතේ රජයේ මැදිහත්වීමෙන් පමණක් මෙම වසරේදී නිවාස පනස් පන්දහසක් ඉදිකිරීමට අපේක්ෂා කෙරෙනවා. පෞද්ගලික අංශයෙන්ද එවැනිම නිවාස ප්‍රමාණයක් ඉදිකෙරෙනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.