2012-01-05

ප්ලාස්ටික් කූඩ ආයෙත් ඇවිත්

එළවළු සහ පළතුරු ප‍්‍රවාහනයේදී දැව, ඝන කඩදාසි හෝ ප්ලාස්ටික් කූඩ භාවිතයේ වැදගත්කම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ පදනම් ආයතනයේදී අද ආරම්භ වනවා. අද හෙට සහ අනිද්දා යන දින තුනේදී වැඩසටහන පැවැත්වෙන බවයි  සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය පවසන්නේ.
එම අමාත්‍යංශයත් , කෘෂිකර්ම අමාත්‍යංශය සහ ගොවිජන සේවා හා වනජීවි අමාත්‍යංශයත් එක්ව වැඩසටහන සංවිධාන කෙරෙනවා. ප‍්‍රාදේශීය ලේකම්වරුන් ගොවිජන සේවා නිලධාරීන් කෘෂිකර්ම උපදේශකවරුන් හා ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරුවන් ඊට සහභාගි වීමට නියමිතයි.
එළවළු සහ පළතුරු ප‍්‍රවාහනයේදී ප්ලාස්ටික් කූඩ භාවිතය ඉකුත්දා අනිවාර්ය කෙරුණා. එහෙත් පාර්ශ්ව රැසක විරෝධතා හේතුවෙන් එම නීතිය තාවකාලිකව ඉවත් කිරීමටයි ආණ්ඩුව පසුව තීරණය කළේ. එළවළු සහ පළතුරු ප‍්‍රවාහනයේදී ප්ලාස්ටික් කූඩ භාවිතය අනිවාර්ය කිරීම යහපත් උත්සහයක් බවත් එහෙත් ඊට නීති පැනවූයේ ගොවීන් සහ ප‍්‍රවාහන සේවා සපයන්නන් ප‍්‍රමාණවත් ලෙස දැනුවත් කිරීමෙන් තොරව බවත් ඇතැම් පාර්ශ්ව පෙන්වා දුන්නා. එබැවින් එම නීතිය යළි බලාත්මක කිරීමට පෙර ගොවීන් සහ ප‍්‍රවාහන සේවා සපයන්නන් ප‍්‍රමාණවත් ලෙස දැනුවත් කිරීමටයි තීරණය කර තිබෙන්නේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.