වැඩවර්ජනයක් කැඳවා තිබිය දීත් එය නොසළකා ධාවනය කෙරෙන බස් රථවලට පහරදුන් හා අවහිර කළ සිද්ධීන් කිහිපයක් ප‍්‍රදේශ කිහිපයකින් වාර්තා වනවා. නාරාහේන්පිට ප‍්‍රදේශයේදී බස් රථයකට පහරදුන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
එහිදී කළහකාරී ලෙස හැසිරුණු තවත් 25 දෙනෙකුද පසුව අත්අඩංගුවට ගත් බව පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනවා. බස් රථ කිහිපයකට පහර දුන් පුද්ගලයන් දහහතර දෙනෙකු මාතරදීත් තවත් තුන් දෙනෙකු මීගමුවේදීත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.