පෝෂණ විද්‍යාවේ සහ ආහාර කේෂ්ත්‍රෙය් භාවිතයේ නොමැති “පවර් බූස්ටර්“ සංඝටකය අඩංගු බවට සඳහන් කරන ලද ‘‘වීවා මෝල්ට්‘‘ අඩංගු ආහාරමය පානය විකිණීම සඳහා බෙදාහල බවට අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටින ස්මිත් ක්ලයින් බීකම් සමාගමෙහි අධ්යක්ෂ මණ්ඩලයට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා වරෙන්තු නිකුත් කර තිබෙනවා.
පෝෂණ විද්‍යාවේ සහ ආහාර ක්ෂේත්‍රෙය් භාවිතයේ නොමැති පවර් බූස්ටර් සංඝටකය අඩංගු බවට සඳහන් කරන ලද වීවා මෝල්ට් අඩංගු ආහාරමය පානය විකිණීම සඳහා බෙදාහල බවට අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටින කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුණුණේ 34 වන මහල ලිපිනයේ ස්මිත් ක්ලයින් බීකම් පුද්ගලික සමාගමට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවක් යළි විභාගයට ගත් අවස්ථාවේ මෙසේ වරෙන්තු නිකුත් කෙරිණ.
මෙම සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ විභාගයට ගැනුණු අවස්ථාවේ විත්තිකාර සමාගම වෙනුවෙන් කිසිදු නියෝජිතයකු හෝ නීතිඥයකු අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. පසුව විත්තිකාර සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයට වරෙන්තු නිකුත් කෙරිණ.
මිහින්තලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රගීත් ජාලිය ජයතිලක මහතා විත්තිකාර සමාගමට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.