දකුණු පළාතේ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ආරම්භ කර ඇති බව මාතර ඩිපෝවේ ප්රකාශකයෙක් සඳහන් කළේ. මේ වන විට දකුණු පළාතේ සියලු ලංගම බස්රථ ධාවන කටයුතු වලින් ඉවත් ව ඇති බව ද ඔහු ප්රකාශ කළා.
මේ සම්බන්ධයෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ශෂී වෙල්ගම මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ සේවක ඉල්ලීම් සම්බන්ධයෙන් මේ වන විට සලකා බලමින් සිටින බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.