2012-02-29

පුංචි මනේෂා ජනපති හමුවෙයි


ලෝක ප්‍රකට ගිටාර් වාදන ශිල්පියෙකු වන මාටින් ටේලර් විසින් පසුගියදා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වූ ප්‍රසංගයකදී පිලිකා රෝගී දැරු දැරිය්න විසින් ඉදිරිපත් කළ ප්‍රාසාංගික අංගයකදී ඊට එක් වූ දරු දැරියන්ගේ අනාගත අපේක්ෂාවන් සම්බන්ධයෙන් අදහස් විමසන ලදී.

එහිදී සිය කොදු ඇට පෙළ ආශ්‍රිත පිලිකා රෝගයකින් පෙළෙන පිළියන්දල, මකොළුදුව කනිටු විදහලේ හත් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දොළොස් හැවිරිදි මනේෂා පතිරණ ශිෂ්‍යාවත් ඇයගේ අපේක්ෂාව ප්‍රකාශ කර සිටියා. ඒ අරලියගහ මන්දිරයට පැමිණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සියැසින් දැක බලා ගැනීම බවයි.
එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය කඹුරාවෙල රේවත නාහිමියන්ගේ මග පෙන්වීම යටතේ මනේෂා දැරියගේ පැතුම ජනාධිපතිතුමාට දැන් වූ පසු අරලියගහ මන්දිරයට පැමිණෙන්නට ඇයට ආරාධනාවක් ලැබුණා. ඒ ආරාධනාව අනුව ඇය ඊයේ (28) සිය මව සමගින් අරලියගහ මන්දිරයට පැමිණි පුංචි මනේෂා සිත්සේ ජනාධිපතිතුමා දැක බලා ගත්තාය. ජනාධිපතිතුමා දැරියගේ තොරතුරු විමසමින් ඇයට නිරෝගි සුව ප්‍රාර්ථනා කර සිටි අයුරු ඡායාරූපයෙන් දැක්වේ.




ඡායාරූප - සුදත් සිල්වා - ජනාධිපති මාධ්‍ය ඒකකය

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.