2012-02-29

මාතලේ කළු වලේ කාන්තා මළසිරුරේ බෙල්ලේ පොලිතින් උරයක බිලිඳු සිරුරක්‌ එල්ලලා


මාතලේ වාරියපොළ ප්‍රදේශයේ ගල්වළක ගිල්වා තිබියදී සොයා ගත් කාන්තා මළසිරුරේ බෙල්ලේ ගැටගසා තිබූ පොලිතීන් උරයේ මාස 08ක්‌ පමණ වයසැති බිලිඳකුගේ මළ සිරුරක්‌ තිබූ බව පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණයේදී අනාවරණය වී තිබෙනවා.
ඉකුත් 23 වැනිදා අඩි ගණනාවක්‌ ගැඹුරු ජලය පිරුණු ගල් වළේ පාවෙමින් තිබියදී වයස අවුරුදු 18 – 25 අතර වියේ යෑයි සැක කෙරෙන කාත්නා මළසිරුර සොයා ගනු ලැබුවා. කුකුළු දැලකින් ඔතා මේ මළසිරුරේ බෙල්ලේ පොලිතින් උරයක්‌ ගැට ගසා තිබිණි.

මාතලේ මහෙස්‌ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු දීප්ති මනෝරංජනී කොඩිතුවක්‌කු මෙනවිය අදාළ ස්‌ථානයේදී පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූවාය. මාතලේ දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් ජයසේකර මහතා විසින් කරන ලද පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණයේදී පොලිතීන් උරයේ බිලිඳු මළ සිරුරක්‌ තිබූ බව සඳහන් කර තිබෙනවා.
මෙම ඝාතනය පිළිබඳව මෙතෙක්‌ කිසිම තොරතුරක්‌ වාර්තා වී නොමැත. සිද්ධිය පිළිබඳව පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.