2012-02-07

ලිට්රෝත් ගෑස් පෙන්වීමට සූදානම්


ලිට්රෝ ගෑස් මිල ඉහළ නැංවීම සඳහා ජනාධිපතිවරයාගෙන් අවසර ලබා ගැනීමට එම සමාගම සූදානම් වනවා. මතුව ඇති පාඩුව අවම කිරීම මෙහි අරමුණයි. ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2255 දක්වා වැඩි කිරීමට එම සමාගම පසුගියදා අවසර ඉල්ලා සිටියා. ලාෆ් ගෑස් සිලින්ඩරයක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 2048කටයි.
කෙසේ වෙතත් ගෑස් මිල ඉහළ නැංවීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. මිල සූත‍්‍රයට අනුව යළි සංශෝධනයක් සිදුවන්නේ මාර්තු මස පළමුවැනිදයි. ඒ සඳහා මිල කමිටුව ලබන 20 වැනිදායින් පසු රැස්වීමට නියමිතයි. එළැඹෙන උත්සව සමය නිසා ගෑස් මිල ඉහළ නොදැමීමටයි රජය මේ වන විට තීරණය කර ඇත්තේ. ලෝක වෙළෙඳපොළේ ගෑස් මෙටි‍්‍රක් ටොන් එකක මිල ඩොලර් දහස ඉක්මවා තිබෙනවා.