2012-02-09

හිටපු ජනපතිනිය යළිත් මහජන පක්ෂයට?


හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ශ්‍රී ලංකා මහජන පක්ෂයට එක්වන ලෙස ආරාධනයක් ලැබී ඇතැයි වාර්තා වනවා. ඇය කලක් ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායිකාව ලෙසද කටයුතු කළා.
පසුගියදා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය එම පක්ෂයට එක් වූ අතර දින දෙකකින් ඇයට එහි උපලේකම් ධුරයක්ද හිමි වුණා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහජන පක්ෂය වෙත එක්වන ලෙස කර ඇති ආරාධනය සම්බන්ධව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයිද තොරතුරු වාර්තා වනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.