2014-10-06

නරුම පියා දියණිය ගැබිණියක් කර පළා යයි

වයස අවුරුදු 13ක් වන පාසල් සිසුවියක් දුෂණය කර ඇය ගැබිණියක් බවට පත් කළ බව කියන ඇයගේම පියාව අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව මාදම්පේ පොලීසිය පවසනවා.

අතවරයට ලක්ව ඇත්තේ මාදම්පේ - තඹගල්ල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියකි. ඇය ප්‍රදේශයේ පාසලක ඉගෙණුම ලබමින් සිට ඇත. 

පාදයක ආබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහා මෙම දැරිවිය ඉකුත් 02 වැනිදා හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඇයව පරීක්ෂා කර ඇති වෛද්‍යවරුවන් පවසා ඇත්තේ දැරිවිය මේ වන විට මාස 08 ක ගැබිණියක් බවය. 

වසර 02 ක කාලයක පටන් සැකකාර පියා විසින් තමන්ව දුෂණය කළ බව දැරිය වෛද්‍යවරුන් හමුවේ රෝහලේදී පවසා ඇත. 

සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වන විට ප්‍රදේශය අතහැර පලාගොස් ඇතැයි පොලීසිය පවසනවා. 

ඔහු මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් කලක් බන්ධනාගාර ගතව සිටි අයෙකු බවද පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

දැරිය මේ වන විටත් හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු පවත්වනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.