ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට තවත් සුළු සැත්කමක් සිදුකර ඇති බව වාර්තා වනවා. තවත් දින කිහිපයක් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන බවට වෛද්‍යවරුන් පවසා ඇතැයි අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් සරත් දඹවින්න මහතා සඳහන් කළේය.
කෙසේ වුවත් තවත් දින 10 න් පමණ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා දිවයිනට පැමිණීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
පසුගියදා මෙල්බර්න් නුවර හෝටලයක් තුළ සිදුවු අනතුරක් හේතුවෙන් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ පාදවලට හානි සිදු වුණා.
පසුගිය පුවත්
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.