2012-02-11

පළමුවසරට ළමුන් ඇතුළත් කර ගැනීම ගැන විශේෂ සාකච්ඡාවක්


වෛද්‍යවරුන්ගේ දරුවන් රජයේ පාසල්වලට ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එහිදී වැදගත් තීරණ කිහිපයක් ගැනීමට නියමිත බව එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසුවා.
දරුවන් රජයේ පාසල්වලට ඇතුළත් කිරීමේ දී පසුගිය වසර පුරා වෛද්‍යවරුන් දුෂ්කරතා රැසකට මුහුණ දුන් බව නවීන් ද සොයිසා මහතා අවධාරණය කරනවා.
මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට රට පුරා විසිර සිටින විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් හෙට (12) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ දී රැස්වන බව ඔහු කියා සිටියේය.
මෙම දුෂ්කරතා නිසා කළකිරීමට පත් සිය සංගමයේ සාමාජිකයින් මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් පවා මේ වනවිට රට හැරයාමේ තත්ත්වයක් උද්ගතව ඇති බව නවීන් ද සොයිසා මහතා පෙන්වාදුන්නා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.