2012-03-27

හිරේ අරන් හිරේ ගිහින්


ව්‍යාජ වයසක් යොදා දහසය හැවිරිදි බාල වයස්කාරියක් විවාහ කර ගත් තරුණයෙකු වැලිගම මුලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිගම ප‍්‍රදේශයේ පදිංචි විසි හැවිරිදි අයෙකි. බාලවයස්කාරියගේ මව විසින් පොලීසියට කල පැමිණිල්ලක් මත සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

මේ වනවිට බාලවයස්කාරිය වැලිගම රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා. මේ සම්බන්ධයෙන් වැලිගම පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

මේ අතර මත් ද්‍රව්‍යයක් ලබාදී දාහත් හැවිරිදි දැරියක් කෙළෙසූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එම දැරියගේ බාප්පා යැයි කියන පුද්ගලයකු ඇහැලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස කෙළෙසා ඇත්තේ ඇහැලියගොඩ පොලිස්බල ප‍්‍රදේශයට අයත් නාමල්දෙණිය ප‍්‍රදේශයේ පදිංචි දැරියකි. සැකකරු ඊයේ (26) අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඇහැලියගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වනු ලබනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.