විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් මහතා වහාම සිය තනතුරින් ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසූවේ ඒ මහතා විසින් ක්‍රියාත්මක කරන "සසුනට අරුණ" වැඩසටහන නිමිත්තෙන් කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකදීයි. එහිදී ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ රජයේ විදේශ ප්‍රතිපත්තියේ පවතින දුර්වලතාවය නිසාවෙන්
2009 වසරේදී ලැබූ යුද ජයග්‍රහණය 2012 වන විට රැකගැනීමට නොහැකිවී ඇති බවයි.
එමෙන්ම මෙම ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය බොරුවෙන් ප්‍රෝඩාවෙන් විදේශ රටවල් රවටන හා පරදවන ප්‍රතිපත්තියක් බවත් කෙටිකාලීනව, මධ්‍යකාලීනව හා දිගු කාලීනව රටට මුහුණදෙන ගැටළු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදිය යුතු බවත් මේ අවස්ථාවේ හරි නම් සිදුකල යුත්තේ විදේශ අමාත්‍යවරයා සිය තනතුරින් ඉල්ලා අස්වීම බවත් ඒ මහතා පැවසීය.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.