අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අසමත් වී යැයි සිත් තැවුලට පත් සිසුවියක් සිය දිවි නසා ගැනිමේ පුවතක් නෝර්වුඩ් ප්‍රදේශයෙන් වාර්තා වනවා. හර්ෂරත්නතම් දයාලනී නමැති මෙම මරණයට පත් සිසුවිය සෙන්ට් ජෝන් ඩිලරි වතුයායේ පදිංචි කම්කරුවෙකුගේ දියණියක් වනවා.
ඇය මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ ප්‍රතිඵල නිසි ආකාරයෙන් තහවුරු කර ගෙන හෝ නොවන බව දැරියගේ පියා පවසන්නේ.
එම දැරිය මෙවර විභාගයට පෙනි සිට ඇත්තේ දෙවැනි අවස්ථාවට වන අතර එහි ප්‍රතිඵල නිකුත් වි ඇති බැවින් එය පරිකෂා කර එන්නැයි ඇය කළ ඉල්ලීමකට අනුව පියා නිවසින් නික්ම ගොස් තිබෙනවා. ඒ අතරතුර ඇය විභාගය අසමත් බවට ලැබුණු තොරතුරක් මත ඇය මෙලෙස සිය දිවි නසා ගෙන ඇති බවයි ඇගේ පියා පවසන්නේ.
කෙසේ වෙතත් පියා තම දියණියගේ ප්‍රතිඵල පරීක්ෂා කර පැමිණ පැවසීමෙන් පසු දියණිය සිය දිවි නසාගෙන ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වුණා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.