2012-04-20

ඩෙංගු අවදානම් කලාප 25ක්


ඩෙංගු අධි අවදානම් කලාප ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශ 25 ක් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය පවසනවා. අමාත්‍යංශය සඳහන් කරන්නේ ඉදිරි මාස 02 ක කාලය තුළ ඩෙංගු අවදානම තවත් කිහිප ගුණයකින් ඉහළ යා හැකි බවයි. ඩෙංගු මර්දනය සඳහා දායකත්වය සපයන සියලූ ආයතනවල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් අද පැවති සාකච්ඡාවකදී මේ කරුණු ප‍්‍රකාශ කෙරුණා. අනතුරුව අමාත්‍යංශ්‍ය නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙන්නේ කීට විද්‍යා සමීක්ෂණ අනුව කොළඹ, කලූතර, ගම්පහ, කුරුණෑගල, මඩකලපුව, මාතර, කල්මුණේ, කෑගල්ල සහ පුත්තලම යන දිස්ත‍්‍රික්කවල ඩෙංගු පැතිරයාමේ දැඩි අවදානමක් ඇති බවයි. බස්නාහිර පළාතේ පාසල් ආශ‍්‍රිතව මදුරු ඝනත්වය නිවාඩු සමයත් සමඟ ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ලබන 23 වනදා පාසල් ඇරඹීමට පෙර අදාළ පරිශ‍්‍ර පිරිසිදු කිරීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කළ යුතු බව ද අමාත්‍යංශය පවසනවා. එමෙන්ම කිසියම් පාසලක දරුවෙක් ඩෙංගු රෝගයට ගොදුරු වුවහොත් හෝ මියගියහොත් එහි වගකීම විදුහල්පතිවරයා භාරගත යුතු බවද සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය අවධාරණය කරනවා.
මේ අතර සමාලෝචන රැස්වීමට එක් වූ කීට විද්‍යා සහකාර නිළධාරීන්ගේ සංගමයේ ලේකම් නජිත් සුමනසේන මහතා පැවසුවේ ඩෙංගු පාලනය කරගැනීම සඳහා ජනතාවගේ උනන්දුවක් පැවතිය යුතු බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.