පසුගිය වසර හා සැසදීමේදී මෙම වසරේ ගතවූ මාස තුන තුළ අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලිවල වර්ධනයක් දක්නට ලැබෙන බව ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇති බවයි. ව්‍යාජ ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන යාම සහ ෆේස්බුක් ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වීම යන සිද්ධීන් සම්බන්ධයෙන් එම පැමිණිලි ලැබී තිබෙනවා. ඊට අමතරව ආගම්වලට අපහාස වන අන්දමින් පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් ද පැමිණිලි ලැබී ඇති බවයි පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පැවසුවේ. වෙබ් අඩවිවලට අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් සහ ඒවායේ දත්ත වෙනස් කිරීම සම්බන්ධයෙන්ද පැමිණිලි ලැබී තිබෙනවා. ව්‍යාජ ඊමේල් පණිවිඩ සම්බන්ධයෙන් ද පැමිණිලි ලැබී ඇති බව පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය ප‍්‍රකාශ කළා.
2013-04-23
2013ත් ෆේස්බුක් පැමිණිලි වැඩි වෙයි
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.