2012-03-05

විදුහලිපතිනියට වෙඩි


ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි සරස්වතී දහනායක මහත්මියගේ නිවෙසට සෙනසුරාදා රාත‍්‍රී දහයට පමණ නාඳුනන පිරිසක් වෙඩි තබා ඉදිරි දොරට හා බිත්තිවලට හානි කර ඇති බව පොලීසිය පවසනවා.  කෙසේ වෙතෙත් විදුහල්පතිනියට හෝ ගෙදර සිටි කිසිවකුටත් අනතුරක් වී නැත. රාත‍්‍රී 10 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර පරීක්‍ෂණ කටයුතු සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කර තිබෙනවා.
 වෙඩි තැබීමෙන් නිවසේ ප‍්‍රධාන දොර සහ ජනෙල් කිහිපයකට හානි සිදුව ඇති අතර නිවස ඉදිරිපිට තිබී ටී 56 වර්ගයේ හිස් පතරොම් කොපු 05 ක් හමුවී ඇත.

තම දරුවා පාසලට ඇතුලත් කර නොගැනීම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකළ බවට වු ලිපියක් ද නිවස ඉදිරිපිට තිබී සොයා ගත් බව ගාල්ල දිස්ත‍්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතා පවසනවා. සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.