2012-03-03

අමෙරිකානු හමුදාව ලංකාවට ඇවිත්ද?


අමෙරිකානු භට පිරිස් ශී‍්‍ර ලංකාවේද ස්ථානගත කර ඇතැයි පළ වූ වාර්තා යුද හමුදාව ප‍්‍රතික්ෂේප කරනවා. යුද හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් නිහාල් හපුආරච්චි මහතා පැවසුවේ කිසිදු විදෙස් රටක හමුදා භට පිරිස් ශී‍්‍ර ලංකාවේ ස්ථානගත කර නොමැති බවයි.

අමෙරිකාවේ හමුදා භට පිරිස් ශී‍්‍ර ලංකාවේ ස්ථානගත කර ඇතැයි වාර්තා පළ වූයේ ප්‍රෙස්ටස් එෆ් ඉන්ඩියා වෙබ් අඩවියේයි. ඉන්දියාව , නේපාලය , මාලදිවයින සහ බංග්ලාදේශය යන රටවලද අමෙරිකානු භට පිරිස් රඳවා සිටින බව එරට රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අද්මිරාල් රොබට් විලාඞ් මහතා උපුටා දක්වමින් එම වෙබ් අඩවිය වාර්තා කළා. එහි වැඩිදුරටත් දැක් වුණේ එලෙස භට පිරිස් රඳවා සිටින්නේ ලක්ෂා ඊ තයිබා ත‍්‍රස්ත සංවිධානය පරාජය කිරීමට බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.