2012-03-26

ඇමැති තොණ්ඩමන්ට සුර සැප එපා වෙයි


ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායක පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුගම් තොණ්ඩමන් මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපි‍ය ජනාධිපති මහින්ද රාපජක්ෂ මහතා වෙත අද (26) පස්වරුවේ භාරදී ඇති බව වාර්තා වනවා.
එසේ වුවද තොණ්ඩමන් මහතා ලබාදුන් ඉල්ලා අස්වීමේ ලිපිය මෙතෙක් ජනාධිපතිවරයා මෙතෙක් බාරගෙන නොමැති බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ. 
මේ සම්බන්ධයෙන් රජයේ ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් තොණ්ඩමන් අමාත්‍යවරයා සමග සාකච්ඡා පවත්වමින් සිටින බවද  එම ආරංචි මාර්ග පවසනවා.

නුවරඑළිය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන තොණ්ඩමන් මහතා ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායකයා ද වෙයි. ඇමතිවරයා එම පක්‍ෂයේ නිර්මාතෘ අභාවප‍්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන්ගේ මුණුපුරා වේ.
රජය ජාත්‍යන්රතර බලපෑම ඉදිරියේ අපහසුතාවයට පත්ව ඇති මොහෙතක එය තවදුරටත් තීව‍්‍ර කිරීම සඳහා අසල්වැසි රාජ්‍යයක බලපෑම මත මෙම ඉල්ලා අස්වීම සිදුව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණ කරනවා. මීට පෙරද අවස්ථා කිහිපයකදීම තොණ්ඩමන් අමාත්‍යවරයා මෙසේ ඉල්ලා අස්වීමේ ලිපි කිහිපයක්ම රජය වෙත යොමු කර තිබිණි. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.