’’විශ්වවිද්‍යාල පර්යේෂකයින්ට, කර්මාන්ත කරුවන්ට, සහ රජයට එකට එකතුවෙලා වැඩ කරන්න පුළුවන් ’නැනෝ තාක්ෂණ උද්‍යානය’ ළඟදීම හෝමාගමදි විවෘත කරනවා. නැනෝ තාක්ෂණය පිළිබඳ
මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකදී ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ කමිටුවේ සභාපති මොරටුව විශ්වවිද්‍යාලයේ රසායනික හා ක්‍රියාවලි ඉංජිනේරු අංශයේ මහාචාර්ය අජිත් ද අල්විස් මහතා ඒ බව පැවසීය. ජාතික විද්‍යා පදනම මෙරට සහ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික විද්‍යාඥයින් පිරිසක් හා එක්ව නැනෝ තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වාදිය යුත්තේ කෙසේදැයි 2005 වසරේදී මූලිකව සැළසුම් සකස් කළ බව කී මහාචාර්යවරයා වැඩිදුරටත් මෙසේ තම අදහස් පල කළේය. ’’ඇමරිකාව තමන්ගෙ රටේ නැනෝ තාක්ෂණය පිළිබඳ ජාතික ව්‍යාපෘතිය ආරම්භ කළෙත් 2000 අවුරුද්දෙදි. අපිත් ශ්‍රී ලාංකිකයො විදියට2005 අවුරුද්දෙදි ඊට මුල පිරුවා. ජනාධිපතිතුමා මූලික වෙලා 2006 අවුරුද්දෙදි ඒ කටයුත්තට රුපියල් බිලියන 5.6 ක මුදලක් ලබා දෙන්න යෝජනා කළා. 2007 අවුරුද්දෙ මේ පර්යේෂණ කටයුතු කරගෙන යන්න නැන්කෝ ආයතනය පිහිටුවන්න කැබිනට් අනුමැතිය ලැබුණ.’’ ඒ අනුව නැනෝ තාක්ෂණය ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා යොදාගත හැක්කේ කෙසේදැයි යන්න සලකා බැලීම සඳහා නැනෝ තාක්ෂණ පර්යේෂණ ආයතනය බියගමදී සථාපිත කළ බව පැවසූ මහාචාර්යවරයා ඊට වැයවන මුදලින් සියයට පනහක් රජයෙන් ලබා දුන් බවද පැවසීය. ඉතිරි සියයට පනහක මුදල ප්‍රධාන පෙළේ සමාගම් 5ක් එක්ව ලබාදී තිබේ.
’’අපි 2008 දි නැනෝ තාක්ෂණික පර්යේෂණ කටයුතු ආරම්භ කළා. ඒ වගේම කිවයුතු දෙයක් තමයි ශී‍්‍ර ලංකාවෙ නැනෝ තාක්ෂණික වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්නෙ ජාතික ප්‍රතිපත්තියක් ඇතුවයි. විද්‍යාව හා තාක්ෂණයෙන් ඉදිරියට යන්නනම් ජාතික ප්‍රතිපත්තියක් වගේම නීති රීතිත් අවශ්‍යයි. ඒ සියල්ලෙන්ම
පරිපූර්ණ වෙලයි අපි මේ ගමන යන්නෙ. ඒ නිසා තමයි ඉතා කෙටි කාලයක් තුළ නැනෝ තාක්ෂණයේ ප්‍රතිඵල අපිට නෙලා ගන්න අපට හැකි වෙලා තියෙන්නෙ. අපේ බලාපොරොත්තුව අපේ අදහස් වලින්
අපේම නිෂ්පාදන රැසක් නැනෝ තාක්ෂණයෙන් නිපදවීමයි.’’ ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ කමිටුව ඉදිරිපත් කරන ලද ’නැනෝ තාක්ෂණික පොහොර’ විශේෂයක් නිපදවීමට ඉන්දියානු සමාගමක් විසින් එම අදාල තාක්ෂණය මේ වන විටත් මිලට ගෙන ඇති බවද ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ කමිටුවේ සභාපති මහාචාර්ය අජිත් ද අල්විස් මහතා මාධ්‍යවේදීන් හමුවේ පවසා සිටියේය. මෙම මාධ්‍ය හමුව ජාතික විද්‍යා පදනම සහ ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය එක්ව සංවිධානය කරනු ලැබීය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.